ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ.....
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ.....
තිලොවග බුදු සමිඳේ.....
සිඳ බිඳ මොහඳර පාප....//
දැල් වූ දහම් ප්‍රදීප.....//
සිඳ බිඳ මොහඳර පාප....
දැල් වූ දහම් ප්‍රදීප.....
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ.....
තිලොවග බුදු සමිඳේ.....
සිල් ගත් දිනිඳුන් සේම.....//
සිල් තෙද ගුණ ඇති සෝම.....//
සිල් ගත් දිනිඳුන් සේම.....
සිල් තෙද ගුණ ඇති සෝම.....
සත හට පෑ මවු ප්‍රේම
තිලොවග බුදු සමිඳේ.....
තිලොවග බුදු සමිඳේ.....
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ.....
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ......
තිලොවග බුදු සමිඳේ......
තිලොවග බුදු සමිඳේ......
තිලොවග බුදු සමිඳේ......
තිලොවග බුදු සමිඳේ......
පද : කලාශූරී අරිසෙන් අහුබුදුවන්
තනු : ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්
හඬ : ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්
YouTube: https://youtu.be/uJh-gOseTo0